Pages

Monday, April 2, 2012

දුක

මේ ඇස්වලට අඬන්න
තව කඳුලු බිඳු එවන්න
මේ හිතට දුක හිතෙන්න
තව දුක සොයා එවන්න.....



සිත වියරැ වී ගලා වී
මහවැලිය විලස ඒවී
ගහකොලද බිම දමාවී
සුලු සුලඟ වී හමාවී
ඔබ මසිත ගිනි තබන්නේ
හදවතම අලුව යන්නේ......

අත් ඇඟිලි මුදා දමලා
පිටවෙන්න හිතට හිතිලා
සිත වියරැ වී තැවෙන්නේ
වෙන් වෙන්න බෑ කියන්නේ
ඔබ මසිත ගිනි තබන්නේ
හදවතම අලුව යන්නේ......

ඔබ කොඳුරනා කතාවේ
සිත නලවනා ලතාවේ
දුක නැතිවෙනා රටාවේ
නව ගීතයක් විලාසේ
ඔබ මසිත සනසවන්නේ
හදවතට සුව දැනෙන්නේ......





තිලක් දයාසිරි

1 comment:

 

Sample text

Sample Text