Friday, November 16, 2012
Monday, July 2, 2012
මතු නැගෙනු පිණිස
පයට පෑගෙන පඬරලා පත
මුවින් නොබැනම උහුලනා බර
තෙමී පින්නට දැවී අව්වට
වගක් නැතිවම ඉන්න ලස්සන
හරිත හිනහව පෑව මුත් පෙර
වැදී හිරු රැස් මිලින විය එය
වියලි සුළඟත් කරන අතවර
නමුත් සුළඟට පාන මදහස
වලාකුළු නැති නබෝ ගැබ දෙස
දෑත් දිගුකොට නොයැ දිය පොද
හිතන් නෑ,මට හිතෙනවා
අතීතේ මාවත් දිගේ මං ඔහේ පියමන් කරනවා
අතරමන් වෙයි හිතුන හැටියෙම හැරී ආපසු දුවනවා
නුඹෙන් ලද දුක නුඹේ නිසාවෙන් අදත් රසකර විඳිනවා
එහෙවු නුඹ ගැන සත්තකයි මන් හිතන් නෑ,මට හිතෙනවා,,,,
හිතට වැරදුන එකම තැන මම අදත් තනිවම හොයනවා
නුඹෙන් මුදවනු නොහැකි හිත ගැන හොරෙන් මම පසු තැවෙනවා
ඉටු නොවෙන එක සිහිනයක්වත් මවන් නෑ ,මට මැවෙනවා
මියැදි සෙනෙහස
මේ පාළු මූසල සුසානයේ
සැතපිලා මා අද තනිවම
ළඟින් උන් නුඹත් නෑ එදා
අද මගේ තනි රකින්නට....
නුඹට පෙම්කල නිසාවෙන්ම
එකම පිවිතුරු හදින්ම මම
අද මා මියැදිලා මෙසේ
ඒ සෙනෙහස මතින්ම....
පැමිණ එකම වරක් නුඹ
මට එන්න හිතෙනවා
චුට්ට චුට්ට ළගට ඇවිත්
එක කොපුලක් තෙරපවලා
බැහැයි නොකිය නුඹ ළගකම
මට ඉන්න හිතෙනවා...
හීන් හිනා නැලවිල්ලට
බෝවිටියා මල් පොකුරට
මුවඟ තියා පෙති සිඹින්නට
අකීකරුම හිතම කියනවා....
දුවල ඇවිත් උණුසුමකට
පාන සෙනේ ගගුලැල්ලට
අසම්මත
දඟකරන නෙතුයුග
කලත් ඉඟි බිඟි
මවෙත . .
සසල සිත
දැඬිකොට
හිදිමි නොදුටු
විලසට ..
වෙඳගිල්ලේ රඟන
රන් මුදුව
දුටු විට . .
හැඟුණි නොහැකි වඟ
ලංකර ගැනුමට
අනුන් සතුදේ
මගේම සොදුරිය
නොසීතූ පරිදි හමුවී නෙත් යුග රන්දා
බැලු බැල්මෙන්ම පෙර භවයක සිත බන්දා
අදහස් එකයි දෙදෙනා ගැලපෙන හන්දා
මේ බව කතර තුල අප දෙදෙනා බැන්දා...
ගත හැඩ නැතත් සිත ඇගෙ හරි හැඩ වූවා
මව සහ පියා හට ඇගෙ සෙනහස පෑවා
ඇයගේ සෙනෙහසට මව්පිය තුටු වීලා
මගෙ නැගණියක් ලෙස ඇය හට සැළකූවා...
දින සති මාස ගත වී සුභ දින ආවා
මගෙ ඇගෙ මව්පියගෙ හද සෙනෙහස් ගාවා
දිවියට සැනසුමක් එක් කරමින් නාවා
Subscribe to:
Posts (Atom)