හඬද්දී දෑසේ කඳුළු පිසින්නට
ළඟ උන් දෑතින් ඇහැට අනිනකොට
පුපුරා යාවිද බියෙන් වගේ සිත
ගල් ගැහුනා හද ගැස්ම මුලාකර
කඳුලටවත් වාවනු බැරි මේ දුක
ගලා ගලා ඇත කඳුළු නිමාකර
කඳුළු කොයින්දෝ තවත් අඩන්නට
ලේ වැගිරෙයි දැන් නෙතින් බයයි මට
මලක් වගේ නුඹ රැක ගත් මේ සිත
නුඹම ඇවිත් පොඩි කරලා දැන්මම
නාඩි හුස්ම දෙක වැටෙන නිසා මිස
පණ පිටින්ද මං,මටම සැකයි අද!!!
සුදන්ති අනුරුද්ධිකා
Sunday, May 27, 2012
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment