ඇත්තටම ආදරේ ජිවිතේට මොකටද?
ජිවිතේට ආදරේ නිසා මොනවද ලැබෙන්නේ...?
සතුටක්නම් ලැබෙන්නේ..මට ඒක ලැබෙනවද?
කාලයක් මාත් හිතුව.....ඒ කියන්නේ ආදරේ
හොය හොයා හිටිය කාලේ..ආදරේ නැතිව
තැවුන..වැලපුන කාලේ.....මම හිතුව අදෙරේ
තමයි ජිවිතේ කියන්නේ කියල...ඇත්ත තාමත්
ආදරේ තමයි මගේ ජිවිතේ..ඒකම තමයි මේ
හැම වේදනාවකටම හේතුවත්.....ආදරේ ජිවිතේම
උන එක....එහෙම නැතිව ආදරේ ජිවතේ පුංචි
කොටසක් විතරක් කරගන්න මට පුලුවන් වුනානම්
මේ කිසිම හිත් තැවුලක්...විඳවීමක් මට ඇති
නොවෙන්න තිබුනා....
ආදරේ නිසා...මට මොනවද ලැබුනේ...එක
අතකට ආදරේ නැතිව...ඒ ගැන තැවුන
විඳවපු කාලේ මෙයිට වඩා හොඳයි කියල
හිතෙනවා.....එතකොට තිබුනේ දුකක්...
ඒ දුක මිට වඩා වෙනස්....එතකොට ආදරේ
දැනිල තිබුනේ නැ....දැන් තියෙන්නේ
ආත්මයම කකියන වේදනාවක්..ඒක එක
අතකට මහා ආත්මානුකම්පාවක් වගේ.......
තමන්ගේ ආදරේ අයිතිය තමන්ට නැත්නම්
ඒ ආදරේට මුලු ජිවිතේම පරදුවට තියල
ආදරේ කලත්....ඒ ආදරේ විදින්න මේ
ආත්මෙදි ඉඩක් නැත්නම් මොකටද මේ
දුක...මේ වේදනාව...ඒ ආදරේටත් මගේ
ආදරේ තේරැම් ගන්න බැරිනම්.....?
අනේ දෙයියනේ මට ආදරේ එපා....මගේ
ජිවිතේට ආදරේ නැතිව ජිවත් වෙන විදිහ ආයිත්
පුරැදු කරල දෙන්න....ඒ දුක මට සැපයි...
ඔව්....ආදරේ නිසා විඳින..විඳවන...මගේ
ආදරේට මාව නොදැනෙන මේ දුකට වඩා ඒ...
දුක මට හොදයි...ඒ දුක මට සැපයි.....
මට ආදරේ එපා....මම ආදරේ නැතිව ඉන්නම්...
ආයිත් කවදාවත් මට මුලු ආත්මයෙන්ම
ආදරේ කරන්න පුලුවන් වෙන්න එපා....ඒක
මහා දුකක්.....කාටවත් තේරැම් ගන්න බැරි
විදිහේ මහා...කාලකන්නි දුකක්...තනියම
ඇඩෙන දුකක්...කාටවත් කිව්වට කිසිම
කෙනෙක්ට ත්රැම් ගන්න බැරි...තේරැම්
ගන්න අවමනවක් නැති....මහා අප්‍රසන්න
වේදනාවක්.....
ඊට වඩා හොඳයි...ආදරයක් නැති ඒ මුසල
පාලු..ජිවිතේ..අඩුම ගානේ...මුලු හිතින්ම
කවියක් ලියන්න පුලුවන් එතකොට...දැන්
ඒකත් නෑ.........
Sugath Werasekara
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment