හැම දේම නිස්සාර බව දැනසිට
ජිවිතේ පවා අත්හරින්නට සිටිමට
දමා යන්නට නොහැකි වු කිසිවිට
කොඳුරන්න මිහිරියේ මසිතට
කෙලෙස් ගිනි අවුලුවා දලුලන
ඇස් පෙනෙන මානයේ ඇති හැම
සිත දුකින් පුරවනා නිමිති දකිමින
කොඳුරන්න ළබැඳියේ මසිතට
භාවනාවක් වගේ සුවදෙන
බෝමැඩක් තවා සිප එන
මදනලක එති සපැමින
මුමුනන්න සෙමින් සවනට
කාලයේ වැලිතලා දුක්දෙන
මතුවුනත් වේදනා සමගින
ඔබ නිසා නැගෙන හැඟුමින
සනසවාලයි මහිත හැමවිට
ඇස්පියා ගනිමි මම වෙරලක
සවනතට රැගෙන එන මුදුහඬ
අසන්නෙමි මුලු හදින් බැදෙමින
ඔබේ වගේමයි ප්‍රියේ ඒ නද
පුරඟනන් නිතිව ගැවසෙන
සිත ගිනි තබා රාග මවමින
රඟදුනත් දෙනෙත් අභියස
නෙත් වසමි බෝ සතුන් විලසින
තිලක් දයාසිරි
Saturday, March 10, 2012
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment