Pages

Monday, July 2, 2012

මගේ අප්පච්චි


ආදරයෙන් හිස අතගා මගේ අප්පච්චි 
දුන් ඔවදන් හැමදාමත් මට සිහිවෙච්චි
එදා ඔබේ ඇගේ පෙරලි හුරතල් වෙච්චි
මමයි ඔබේ නිතර දොඩන ඒ දෙමලිච්චි

මගේ වයසේ හැමදෙනාම දීග පලච්චි
කවදාවත් ඔයාට මම බරක් නොවෙච්චි
එහෙත් මාව බරක් කරන් මගේ අප්පච්චි
දීග දෙන්න හදන්නේ ඇයි මේ පොල්කිච්චි

මා ඉපදුන දා සිට ඔබ විදි දුක් ගොන්න
මතකයි මට ඕනෑ ඔබ ලගම රැදෙන්න
ඔබෙන් වෙන් කරන් මාවත් දීග යවන්න
මතු දිනකදී කවදාවත් එපා සිතන්න

ඔබ වියපත් වුන දා ඔබ ලගම සිටින්න
ඔබ මා රැක ගත් අයුරින් ඔබ රැකගන්න
මතු භවයෙත් ඔබ මගේ අප්පච්චිම වෙන්න
මෙතේ බුදුන් හමුවී යමු නිවන් දකින්න

Shanthi Nanayakkara

No comments:

Post a Comment

 

Sample text

Sample Text