Pages

Monday, July 2, 2012

මං ආසයි

ඔය දෑත් අපිරිසිදුලු
රතු ලෙයින් නැහැවිලු
හැමෝම කියනවා
දකින්නත් බයයිලු ,,,,,,,,,

ඔයා හරි නරකයිලු
භයානක මිනිහෙක්ලු
හැමෝම කියනවා
කතාවටත් බයයිලු ,,,,

අනේ ඒත් ,,,,,,,,

ඔයාගේ උණුසුමේ ගුලිවෙන්න
උකුලට වෙලා නැලවෙන්න
රසට කවන බත් ගුලියක රස බලන්න
මට හරි ආසයි තාත්තේ ,,,,,,

ලෝකයේ මිනිස්සු
නපුරු ඇස වලින්
මා දිහා බලනකොට
මට හරි බයයි තාත්තේ ,,,,

කම්බි කුරු ඇතුලට වෙලා
ලෝකයට දුදනෙක් වෙලා
ඔහොම හිටියට
මං ආසයි ඔයා ලඟ නැලවෙන්න ,,,

තාත්තගේ තුරුලට වෙලා
හැමදාම මෙහෙම ඉන්න
කවදාද ගෙදර එන්නේ
මට කියන්න
තාත්තේ ,,,,,,,,,,,,,,


Lihini Umanga

No comments:

Post a Comment

 

Sample text

Sample Text