Pages

Monday, July 2, 2012

සියදිවි නසාගැනීමක් නොවේ


රිදී කාසි සැලෙන හඩ
අමතක කරවමින්
සැලෙන ඔබේ නද
සැලෙන සිතුවිලි විල මවමින්ද
සාධිගත වෙමින්ද විටක
මා තිගස්සන ඔ‍බේ නිසල බව
මසිත රදවයි ගැබුරු භාවනාවක
හැපී ගල් කුල් මත
නොවී අවනත
අන් බසට
ස්ථිර අදිටනින්
එකම එක් අරමුනක් වෙත
ගලන ඔබ සිත අබියස
නතරවන මා සිත
කිමිද ඔබ තුල
සොයයි සාදාතනික සෙනහස
ඉතින් තිම මා
තවදුරටත් කරනුයේ
ගනු දෙනු වා තලය හා
තුරුලුව ඔබේ සෙනෙ හසට
වැලද ගම් ගං පතුල
සදා සෙනහසින්....................

Colin Algama

No comments:

Post a Comment

 

Sample text

Sample Text