වැලි කතරට මල් මුවරද ගොඩ වැදුණු
බොරළු ගොඩට ලා නිල් දිය ඇද වැටුණු
ඉරි පොලවට වැහි බිදු එක දෙක වැටුණු
මග පෙන්නු ඔබ හෙවනැලි මට වැටුණු
රළු දළ කතරට මල් පිපිදෙන කුසුම් දැනේ
සැණකෙළි සිත් ගෙන මා හිත මටම දැනේ
ලොවට පෙනෙයි ආඩම්බර බවක් දැනේ
තනි කුසුමයි සිත් යයේ ඒ ඔබම බව දැනේ
මලින් මල සොයා දිවයන බබරෙකු මෙන්
කලින් කලට වැහි බිදු දෙයි සිත මුවාවෙන්
වැලි කතරේ මල් කුසුම් නැත සැමදා මෙන්
රළු බව ද උරුම වැලි කතරේ මිරිගුව මෙන්
No comments:
Post a Comment