හෙමිහිට ලෙලෙන පලු පත් සිලි සිලිය දෙන
හවසට ඉතින් සැනසුම ගස යටක මැන
තිබහට වැටුණ ගෙඩි දෙක තුන අහිද ගෙන
දිනකට නිමා ගස මුල ඇන තියාගෙන.....
දිනකර ඇවිත් අමදින විට වැව් පතුල
කණකර නැතත් දිලිසෙන විට ඈ කොමළ
තනිකර යන්නෙ කොහොමද ඒ වත කමල
කළුවර ළගට සඳවත නැලවෙයි තුරුළ.....
අපා දෙපා සිවුපා නෑ වෙනසක් කෙරුවේ
සදා සිනා වත පුරවන් දිය බිදු බෙදුවේ
කෙත්වතු ගෙවතු ළග ස්නේහය ඉතිරූවේ
ගම්මැද සොඳුරු ලිය වැව ගැන පද ලීවේ....
No comments:
Post a Comment