පියෙක් වී ඔහු සතුටු වෙන හැටි
දැනී මගේ හද කීරි ගෑවා
මගේ පිතු මා දැකපු විටදී
ඔහුද මේ ලෙස උදම් පාලා...
ඒත් තව ටික දිනක් යද්දී
මගේ පිතු මා ඇතැර දාලා
අනේ මගෙ මව් අඩා වැලපී
දෙවියන්ට මුලු දුකම කියලා...
මා නිසා ඇය දුක තුනී කර
මගේ මුලු බර කරට අරගෙන
ලොවේ පය ගා ඇවිද යන්නට
දිරිය දීලා දීරිය දීලා...
තනිව මා ලොකු මහත් කරලා
උගන්නවා ලොව නගා සිටුවා
මගේ මව් කළ අමිල මෙහෙයට
මෙසේ තුති මල් පුදකළා.
No comments:
Post a Comment