සුපවයිසර් අණ දුම් මතුවන්නේ
කොයියම් අයගෙත් ඇස් දෙක දන්නේ
සිෆ්ට් එක මැද ඉඳ සිහින මහන්නේ
ඕෆ් එකට ගම මතක් කරන්නේ !
රන් ඉඳිකටු ගෙන නිති සැරසෙනවා
රන් පාටට වියු සළු දිලිසෙනවා
ඒ සළු ඇඳගෙන දෙවියො සිටිනවා !
කටුනායක අපි ඇඳුම් මහනවා
පැටළුණු දිවි නූල් හිමින් ලිහල්ලා
බස් එක මිස්වෙයි නෑනො වරෙල්ලා
ඕ.ටි.වලින් මෙදා වළලු ගනිල්ලා
අම්ම සතුටු වෙයි දෙයියන් පල්ලා
ටාගට් බොහො සැරත් වගෙයි
අපට පඩිත් ගෙනත් වගෙයි
බඩගිනි දැන් වැඩිත් වගෙයි
නිවාඩුවක් ළඟත් වගෙයි
අම්මට මල් චීත්තයයි
නංගිට පොඩි බ්ලවුස් එකයි
අප්පච්චිට සුදු සරමයි
වීදි කඩේ රෙදි අපටයි !
ඉර දෙවියෝ පිහිට වුණා
ගමට ටිකක් ළඟා වුණා
උදේ හිටන් මඟ බලනා
අප්පච්චී මතක් වුණා
No comments:
Post a Comment