Pages

Monday, July 2, 2012

බිදුණු සිහිණ


සිහිණ ලොවක් තැනුවා මා ලොවට හොරේන්
සුනු විසුනු වුනා එය මුලු හදවතම පෙලන්
කෙලෙස සිටින්නද ඔබ ලග මිතුරු වෙසින්
ගිනි ගෙන දැවෙයි මුලු හදවතම වියො දුකින්

ඔබටත් හොරා මම ඔබ හට පෙම් කෙරුවා
කියා ගන්න බැරි වුනු නිසා මා තනි වුවා
ඔබ දෙදෙනාගේ මිතු දම පෙම් දම වුවා
මා පිය සෙනෙහෙ මැද දෙදෙනම එක් වුවා

ඔබ දෙදෙනා හට මම සුභ පතන්නම්
වෙන හදවතක් ගැන මම නොම සිතන්නම්
මතු භවයෙදිවත් එක් වන්නට පතන්නම්
බිදුණු සිහිණ රහසක් සේ සාදා රකින්නම්


සමීර සදරුවන් බණ්ඩාර

No comments:

Post a Comment

 

Sample text

Sample Text