Pages

Monday, July 2, 2012

මල් ගොමු මැද


සිනහ මල් මැද .....
හඩන මල් දැක ....
නෙතට උනන කදුළු පොද ...
වැසි දිය සදා එය දනී ....

දුකට හඩන මල් ටික .....
සතුට නැතුව ඉදි විට ....
කුරිරු නියග එන බව .....
නිහඩ පස සදා එය දනී .....

මල් පැණි හිදුනු විට .....
මල් සොයන මි මැස්සන් ....
මල වෙත සදහට නොඑන බව ...
මල සදා එය දනී .......

මැලවී ගිය මල් ටිකේ ....
තිබු එලිය නැති වෙන කොට ...
මලේ තිබු ලස්සන නැති වෙන බව ...
ඉර සදා එය දනී .....

මල් මැදින් තනි මලක් ...
කදුළු බින්දු මග හල හල ....
අසරණ වී වැළපෙනු දැක ....
දුක සදා මට හිමි ................ 

Keshan Wasala

No comments:

Post a Comment

 

Sample text

Sample Text