පුංචිම පුංචි කාලේ - අදත් හීනයක් වගේ ..........මතුවෙන
හරිම සුන්දර එලෙසින්ම පිවිතුරැ හැබෑම ආදරයක් .තිබුනා
මල්වගේ ලස්සන ඒ වාගේම සිනිදුවට .................දැවටුන
අදත් ඉඳහිටක මතුවී හීනයක දවටන කඳුලක්ය ඒ ..මතක
පොත් අරන් පන් මල්ලක කම්මැලිකමට බැනුම්ද ....අසාගෙන
බොරලුපාරේ දුවන යාලුවන්ට මැදි වී මග බලන හැම උදේකම
හීතලේ හිමිදිරි පාන්දර කෝලවී හරි කෙලින් ..........නොබලන
අදත් මුලු හදවතම ආදරෙන් උතුරැවන කඳුලක්ය ........ඒ මතක
සාමා අමර නයනා පමනක්ම හරි පුවත දැන සිටි ඒ ..............දවස්වල
ගනිතයට විද්‍යාවට බියේ ඉක්මනින් හදවතින් වෙන්වෙලා ....පැනගිය
අදත් සිහිපත්ව නෙත් කෙවෙනි තෙත් කරන නානකාමරය .........තුල
ජිවිතේ සුන්දරම මතක එක් තැන් කල ජිවිතේ එයයි මටත් මගඇරැන
No comments:
Post a Comment