Pages

Monday, July 2, 2012

විකුණුමට ඇත හදවතක්


ගිනි තියපු හදවතක්
විකුණුමට දමා ඇත
හැගීමක් නැති වුනත්
දැනීමට ඇස ඇරෙති....

පොසොන් සඳ ළග හිටපු
ඇහැල මහ අමතකව
කුම්බකර්ණය නිදි වැදපු
ප්‍රේමයෙන් හෙම්බත්ව....

වාරණත් කිසිත් නැති
රිසි පරිදි පරිහරණ හැකි
සුදුම කඩදහිය හිස්ම හිස්
වගෙයි හදවත අලෙවියට ඇති....

සිඹින්නට හැකි එක වරක්
පිඹින්නට නම් තවත් හුස්මක්
කියන්නට මුව ගොලු වුවක්
බලන්නට ඇත එක ඇරයුමක්....

තෝන්තුවෙ නැත හැල හොල්මනක්
කාන්සිය එයි කර ලොකු කැළඹුමක්
නොකර කේවල් දැන් එකම පාරක්
ගන්න හදවත නෑ එහි මිලක්......

දිනිති දීපිකා

No comments:

Post a Comment

 

Sample text

Sample Text