අප්පච්චියි මහා පොළොව, ජීවිත බර දරා ගන්න
අම්මේ නුඹ පහන් තරුව, යා යුතු මග කියා දුන්න
මුරගල් වී මගෙ දිවියට, සැමදාමත් මා සුරකින
මහ සෙවණකි, සැඩ හිරු රැස් මගෙ සිරසට වහන් කරන
බොර දිය රැඳි මඩ වගුරක නෙළුම් මලක් වී පිපෙන්න
නෙළුම් පතක පිණි විලසට , නොහොඳ නරක ඉවතලන්න
ජීවන මඟ පිය මනින්න හැමදාමත් දිරිය දුන්න
උපදින මතු හැම බවයක, ඔබ දෙදෙනා මගේ වෙන්න
බවයට පෙර, මෙත් බුදු රජු දැක පැහැදී නිවන් දකින
පෙරුම් පුරමි, භවයක් හෝ, මගේ කුසින් උපත දෙන්න
එතකොට මට ඇහැකි වේවි යන්තම් හෝ ණය ගෙවන්න
පින් පුරවමි ඔබ දෙදෙනට බව සසරින් එතෙර වෙන්න.......
No comments:
Post a Comment