නෙලන්නට පරසතු හීන ඇහිදින්නට ඇඟිලි ගැන්නී - නුඹ නොවෙද දදසර වුනී
තනන්නට වියනක් අඹරම වසන්නට හිතේ ඇන්දී - නුඹ නොවෙද දිගැසිය වුනී
හිතන්නට හිත ඉඩ නොදෙන්නට ඈ ළඟ ළඟින් රැන්දී - නුඹ නොවෙද හිතැතිය වුනී
පුදන්නට පුද පඬුරු අහිමිව හඬා කඳුළැලි මැන්නී - නුඹ නොවෙද දැස්සිය වුනී ......
තව්තිසාවේ සුදම් සබ වැඩි දෙව් බඹුන්නේ
උණු නොවී ඇත අනේ තව ශක දෙව් ආසනේ
අසාපන් දේව අයැදුම ලසොවින් ගයන්නේ
තැනූ දෙවොළට පා තබනු බැරිවයි හඬන්නේ.....
සිඟ සිඟා යයි යාදින්න සේ දිවියම අනේ
එලූ සළුපිළි මත රටා හැඩ නැති පව වුනේ
හැපි හැපී ඇය කියන මේ දෙය අසාපන්නේ
තුරුණු නෑඹුල් කුසුමක් පිදුවෙ පූජාසනේ ......
No comments:
Post a Comment