Pages

Monday, July 2, 2012

ආදරේ


කන්ද කෙන්ද කරන් ඔයා මැවූ හීන බොඳ කලාට
නෙත් තුල කඳුලැලි පුරවන් දෙකපුල් කඳුලින් තෙමුවට
හදවත ගින්නෙන් පුරවන් ඒ ගින්නෙන් ඔබ දැවුනට
රත්තරනේ හැමදාමත් මංආදරේ කලේ ඔයාට

පුංචි පුංචි විහිළුවලට ඔබ සිත රිදවන් බොරුවට
මහා මෙරක් සිතට අරන් තරහ වෙලා ඒ මදිවට
හෙමින් හැමූ පවන් රොදත් සැඩ සුළගක් සේ සිතුවාට
රත්තරනේ හැමදාමත් මං ආදරේ කලේ ඔයාට

මුළු ලෝකෙම එරෙහි උනත් මං ඉන්නවා ඔය ලගම
මගේ අවසන් සුසුම් පොදත් පිට කරන්නේ ඔයා ලගම
ඔයා තමයි හිරු සඳු වුනේ එලිය කරපු මගේ ලොවම
රත්තරනේ හැමදාමත් මං ආදරේ කලේ එහෙම

Shanthi Nanayakkara

No comments:

Post a Comment

 

Sample text

Sample Text