skip to main |
skip to sidebar
ඇයිද අන්ධව මං මුලාවක්
අවදියම මනකල්
වසත් කාලයම නම්
මන්ද ප්‍රේමය සිහි විකල්
තවම නොදනිම් මෙමං....
ගිරිහිසක් සිප එන නලක් ළග
නැලවුමක් තුසුමක් විදින
නිමවුමක් නම් ස්නේහයම
කරුමයක් වී ලොව කිමද.....
ගඟ දෙපස ඉවුරක උණුහුමක්
ලබයි ගං දිය සැනසුමක්
මව් පියන් දුන් පෙම කප්පරක්
මන්ද ආලෙදි එය පැරදුමක්.....
සිප් සතර පොවනට ගත් දුකක්
දන්නෙ ඉරහඳ වුනත්
පසෙක ලා නැණ නුවණ හුදෙක්
ඇයිද අන්ධව මං මුලාවක්.....
ගිලිහිලා යන වතත්
වැටකෙයියා පඳුරක
තානායමක් ළග වුනත්
හිනැහිලා අඬනු ඇයි
හෙට පිපෙන මල්
ජීවිත පර කරන් ......
No comments:
Post a Comment