Pages

Thursday, May 17, 2012

උරුමය


රැහේ උන් ටික හාමතේ දැක
පපුවෙ ගින්දර ඇවිලුනාමයි
කැලේ එළිකර භෝග දැම්මේ
වගා ණය පොත පුරවලාමයි

නොසිතු අන්දමෙ විනාශය නම්
ඵලදාවෙ මිල දුන් සොච්චමයි
අහස උසටම දවන ණය බර
කාට කියමිද දුක දන්නෙ අපිමයි....

පාට පාටින් මහත්වරු ලොකු
නෝනලා මල් කියා සිටුවන
වනේ පිපි මල් කනේරුව
කෑවෙ ණය බර ආපු හින්දයි.....

දිනිති දීපිකා

No comments:

Post a Comment

 

Sample text

Sample Text