හිස් අහස් ගැබේ කළුවර නිහඩ රාත්‍රියේ
තනි තරුවක් විය ඔබ මා හද පතුලේ
බැහැ ලං වන්නට ඔබ අහස උසයි
නැත වැටහීමක් මිරිගුවක් සැබෑ නොවන බවක්
ඈ මගේ ජීවිතය වී බොහෝ කාලෙකට පෙර
නැත දැනීමක් ඈ මා ආදර ඇරයුම් වෙත
සද නැති අහසට තරුවද ආලෝක ලෙසින්
පාර තැනුවේ ඒ ආලෝකයට ලං වෙන්න සිතන්
රටා මවන්නෙමි ඈ ලස්සනට තරු සමගින
තැනුවත් පාර මා සිත් ඇදී විලසින
ආලෝකයක් නැත මට යන්නට ඒ පාර දිගේ
මැවෙන රටාවන් දුර සිට බලනු මිස ....
No comments:
Post a Comment