හුඟ දවසක් තිස්සෙ
හිත මවපු හීන කන්දට
පුංචි වෙලාවකට සමු දෙන්න
මට සිද්ද උනා..
ඒත්..
එහෙම උනයි කියලා
හිතට කිසිම දුකක් නම්
දනුනෙම නෑ..
ඒ මොකද දන්නවද
හැම තත්පරේකම
මගේ හිතේ සැරිසරන ඔයාව
මගේ දෑහින්ම දැකගන්න
අද මට පුළුවන් උනා..
හීන කප්පරක් අතරේ
ඔයාව හැබැහින්ම දැක්කහම
මට ඒක අදහන්නත් බැරි තරම්..
මගේ ලඟින් පාවෙලා ගිය ඔයා
ආයිත් ආපහු එනකං
පැය ගානක්ම පාර දිහා බලන් හිටියා.
ඔයා ආපහු ආවේ නම් නැහැ..
ඒත්..
ඔයාව දැකපු වෙලාවේ
හිතේ ඇතිවෙච්ච හැගීම් ගොන්න
කවදාවත්ම
වියැකෙන්නේ නෑ කියලනම්
මං හොඳින්ම දන්නවා..
ඒ ඇයි දන්නවද..
මං ඔයාට ආදරෙයිනෙ රත්තරන්..
No comments:
Post a Comment