නිතරම සිත ඉකි බිඳිනා පාලු රාත්‍රියේ
අසරණ මා හඬවනවා පුංචි කුමරියේ
හිත පාලුයි නුඹ නැතිවී මගේ ලෝකයේ
ඉවසන් මා ඉන්නේ කොහොම පුංචි නංගියේ
සිතුවා මම නුඹ දෑසින් කීව ආදරේ
මායාවක් මත දැවටී ගිය දුර වැඩිවී
අවසානය නැති දුක මත තනිව නැවතුනේ
සැවොම සමග නුඹ ගැන මා නොකිව්වත් ඉතින්
මිතුරන් නම් දන්නවා මා විඳවනා තරම්
නොදන්නා නුඹ මේ සෙනෙහස අරුත සත්තකින්
අහිමියි මට සදා ඉන්න නුඹේ ළඟ වරම්
No comments:
Post a Comment