Pages

Thursday, April 5, 2012

හමුවුනා කාලයේ වැලි යට


ඔබ නිසා සසල වන හදවත
මුරගගා සොයන විට පිලිතුර
මෙයට පෙර කොයි තැනක
කොතනක
මුන ගැසි තිබුනාද මම ඔබ........
ගැයෙන කොට කවිගීත
ඔබගෙන
හිත දුවයි මතක මං පෙත දිග
ඉව කලත් ඔබ ගැනම මතකය
නැහැ තවම මුන ගැසි පිලිතුර........
හිතට ඇවිදින් රැයද
දහවල තුන්යම
කිලිපොලා දවන මගේ හදවත
ඔබ නමින් නැගෙන අමරස
හැඟුම පාරවයි මගේ හදවත...........
සොය සොයා දුවමි හැම අත
මගේ හිත කවිකාර සියපත
උපහැරන කවි සිතට සපැමින
ලියාදේ කවියක් මගේ හිත
ඒ කවිය කියවනා හැම විට
දැනෙයි ඔබ නමට ඇති පෙම.................
මේ භවේ කිසිදු දවසක
මාගේ ඉපැරනිම මතක පොත
පීරවා සොය සොය හැම අත
සොයා බැලුවත් මෙමා හැම විට.............
ඒ කිසිම මතක පිටුවක‍
නොතිබිය ඔබේ ගැන මතකය............
ඉනික්බිති ඉක්මවා මේ කප
හදවතින් සැරි සැරිමි පෙරබව
සැගව ගිය කාලයේ වැලියට
තිබුනාය හැම තැනම ඔබ ගැන.........

No comments:

Post a Comment

 

Sample text

Sample Text