මගේ සිත තුල කිමිද - වරින්වර දිනෙන් දින....
ඒ අතට මේ අතට - හැම තැනම සැරි සරා
හැමදාම හැම විටම - හැම දේම විචාරා
බලන කොට සිත පතර - ඒ අතට මේ අතට....
හැම දාම හැම තැනම - හමුවුනේ නුඹවමයි..
නුඹට පෙර අතීතය - වලදමා ඇති හැඩයි......
කිසිදු සලකුනක් නැත - කිසිදු උනුසුමක් නැත
එකම එක සිහිවටන - පලකයකවත් නොමැත......
කාලයේ වැලියටද - අහුස්සා බැලුවෙමි...
ගිනි පුපුරැ සොයන්නට - අලුද කූරූ ගා බැලිමි....
එකම එක තැනකවත් - නුඹම මිස වෙනයමක්
සොයා ගන්නට බැරිව - අන්තිමේ හතිවැටිමි....
මම මගේ හදවතින් - අතීතය මරා දා
අලුද දියකර දමා - ඇතැයි මා දැන ගතිමි......
වරෙක මම නුඹේ සිත - කූරෑගා බැලුවෙමි
මටම පමනක් වෙන්වු - මමම පමනක් සිටින
මටම පමනක් දැනෙන - නුඹේ සිත දකින්නට......
නමුත් පිටතට නොදුටු - නුඹේ හදවත ගැඹුර
තැනින් තැන උනුසුම්ව - තිබෙනවා දුටිමි මම
මිය ගියා යැයි සිතු - අතිතය තැනින් තැන
විටින් විට මතුවෙලා - නුඹව උනුසුම් කරන
නුඹට හසුරැවාගෙන - පාලනය කල නොහැකි
පැරනි පා පොඩි තිබේ - කාලයේ වැලි යටින්
තවම නොමැකි රැදී - පුංචි ගිනි පුපුරැ වේ
හමා යන මද නලින් - ඉඳ හිටක දිදුලවා පුංචි
එලි විහිදුවන..... - එක්වරම මට හැගින...
කුමකටද මා මෙසේ - මේ තරම් වෙර දරා
මරා දැම්මේ මසිත.....
No comments:
Post a Comment