Pages

Wednesday, April 11, 2012

මනමාලයා පෝරැවේ සිට කී කවිය



මල් වතු ගල් වැටි සයුරට සැඟවී
රහසින් මිමිනු සොඳුරැ කතා
සිනමාහල්වල අඳුරේ ගුලිවී
රතදර උනුසුම සෙවු එදා.....



ඔබේ හද තත්සර සෙමෙන් බිඳෙන හඩ
හොරෙන් හොරෙන් ඇහුනාට වඩා
පෝරැව මත ඔය කෝල හිනාවේ
සෙනෙහස දැනුනා ඔමරි පපා......

අතැඟිලි සිරවී දැනෙනා උනුසුම
සියොලඟ මිරිකා දැමු එදා
සුසුමක සිරකල මිහිරි වේදනා
විඳිනා මොහොතට තිබෙයි පමා........
ඇසක කඳුලු කැට දිලුනා පිනිසේ
මව්පිය සෙනෙහස සිහිව මෙදා
ලැමට තුරැලු කර නලල සිඹින්නම්
මම ඔබ සුරකිමි මැනික සදා................

No comments:

Post a Comment

 

Sample text

Sample Text