Pages

Monday, July 2, 2012

කින්නරාවිය තනිව


ඇසල සඳ මෝරා එන්න 
පටන් ගත් තැන සිට
කසල ගොඩ ළගක වැලලුව
ප්‍රේමයක් ඇත යටක....

අසල වැලපෙන කින්නරාවී
කිසිවෙකුත් නොදුටුව
සසල කර සිතින් ඇය
බලා උන්නා කිඳුරු පණ....

ඇවිද ගිය මඟ දිගට
ගල් බොරලු රළු 
පරළු කම් මිසක.....

සබද නෙත දුටුවොතින්
වැටෙනවාමයි කඳුලක් එතැන...

හදද ගිනි තබාගෙන
නොදැනෙනා සේ
කිසි හැගීමක.....

දුකද තුරුලුව
තවම වැලපෙන
කින්නරාවී ඇත තනිව....

දිනිති දීපිකා

No comments:

Post a Comment

 

Sample text

Sample Text