Pages

Saturday, June 30, 2012

දුකට කියන කවි සීපද


රෑට බතට බෝඩිම තුළ හාල් නැතී
පාළු අඳුර ගෙල මිරිකයි නිමක් නැතී
මැරුණ ප්‍රේමෙ මට ආයෙත් මතක් වුණී
ලොකු අක්කේ මට තනියම ඉන්ට බැරී

උඹයි කිව්වෙ ගම හැර මට යන්ඩ කියා
උඹයි කිව්වෙ එතකොට හිත හැදෙයි කියා
උඹයි කිව්වෙ මං නැතිවම බැරිය කියා
අනේ අක්කෙ අඬගහපං වරෙන් කියා

ගාමන්ට් එකේ උඹ වැනි කෙල්ලක් උන්නා
ගෙදර මතක් කර කර කඳුළක් බුන්නා
අක්කේ උඹේ කටහඬ හද ළඟ ඇහුණා
පව් කළ නිසා කටුනායක කටු ඇනුණා

අක්කේ සුපුන් දැක්කද ගම ඉන්නවද
සෙන්ට් ගාගෙන ගේ ගාවින් යනවාද
මඟුල හොඳද මනමාලිය ලස්සනද
ගමට එන්ට මට ආයෙත් බැරි වෙයිද

ලොකු අක්කේ අපෙ අම්මා බලාගනිං
කුඹුර වැඩට අප්පච්චී නොම යවපං
අලුත් පන්තියට මල්ලිට යන්ට කියං
හිත හයියයි බයක් නොවී උඹ හිටපං

Samitha B. Atuwabendela

No comments:

Post a Comment

 

Sample text

Sample Text