skip to main |
skip to sidebar
බලාපොරොත්තුවේ සහන් එළි
ජිවිතේ මහ හුඟක්
දුක හිතෙන තැන් ඇවිත්
මගේ ලඟත් දැන් ඔහේ
ඇදෙනවා............
හදවතේ පූදිනා
දුක් සුසුම් කඳුලකින්
පුරෝගෙන නෙත් පුරා
දිවෙනවා...........
වා තලේ මුහුවෙනා
උණුසුම්ම සුසමකින්
හදවතේ සියුම් තැන්
දවනවා............
හීනෙකින් නුඹ ඇවිත්
මගේ ලඟ මොහොතකට
නොසෙල්වී බලාගෙන
ඉන්නවා..........
ස්වප්නයෙන් මිදී මම
නෙත් වැරෙන් පියාගෙන
නුඹ දෙසම දහස්වර
බලනවා.............
හීනයක අවසනක
නුඹත් ගොස් ඈතකට
මගේ හිත මම රවටා
ගන්නවා.
No comments:
Post a Comment