Pages

Tuesday, May 15, 2012

නොදනීද


යතුරු පුවරුවෙ
සිතැගි පරිදි දුවන්නට
වෙර ගනියි දසගිලිම.
Delete , Enter කී
නොඑබෙනවා නෙමෙයි...

අර අර දැක්කද හයිලයිට් වෙලා
අද උදේ පත්තරේ
බුදුන්ටත් බෝර ගහලලු,

කවුද ඇහුවම
නොකියම අණ නිකුත් වෙන
උන් හිටි තැනුත් වෙනස් වෙන.....

හදිස්සියෙ අඬන ලමයෙක්
බෙල්ල ඇල කරලා
කතා හුගක් කිවුවා
ඇස් වලින්....

මන්ද පෝෂණයේ
සතර පෙරනිමිති
පෝලිමේ වඩිනවා
රට කිරි පුරුදු කලාට...

අහෝ...
කිසිවක් නොදත් පොඩි එකා
ලොකු වෙලා
රජවෙන්න හීන දකින...

අනේ උ නොදන්නවා ඇති
හෙට අනිද්දට අපි
වතුරත්
පිට රටින් ගෙන්වනවා කියලා.....


No comments:

Post a Comment

 

Sample text

Sample Text