කදුළු කූඩයෙ හිලක් ඇති බව
දැනුනෙ බිම තෙමෙන විටදියි
සුසුම් කෝඩයෙ හැඩැසි ඇති බව
දැනුනෙ සීතල දැනෙන විටදියි.....
පිරුණු ප්‍රේමය හිස්ව ගොස් බව
දැනුනෙ පතුලට හිත දුටු විටයි
බිදුණු හදවතෙ ලේ ගලන බව
දැනුනෙ දෙඅතම වර්ණ වූ විටයි....
කරුණු නොඅසම ගියපු බව
දන්නෙ අපි අපේ හිත් විතරමයි
පිළිණ දුන් නිසා සිටින බව
දන්නෙ මම මගෙ හිතම විතරයි.
දිනිති දීපිකා
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment