Pages

Monday, April 30, 2012

සියදිවි නසා(නො)ගනිමි

කරනු රිසියෙන්අවසන්
ගනු දෙනුව
වාතලය හා
තබා දෙතොලග
බදුන් ඉම
එක උගුරකින්

හිස් කරනු සිතේ
වස බදුන

දත් විලිස්සා කෝපාග්නි වූ බුද්ධිය
කරයි අණ
නොවන ලෙස අවනත
හදවතට

බැද රැහැන් පටකින්
හෘද සාක්ෂිය,
චපල සිතුවිලි
කොදුරයි සෙමින්
"ලෝකෙ තව කොච්චර එවුන් ඉන්නවාද ඔය වගේ, ඇයි උබට විතරක් ....................................."

විසිකරමි වස බදුන
වැලදගමි ජීවිතය
මිය ගිය හෘද සාක්ෂිය
කරයි සිහිපත්
ජීවත් වුවද මා
මලකුණක් බැව්.


No comments:

Post a Comment

 

Sample text

Sample Text