Pages

Monday, April 23, 2012

පුංචි නංගියේ

රැ තුන්යම කිරි ඉල්ලා හඩන නංගියේ
රු අහසේ තරු කැටයට අම්මා කියන පැංචියේ
පියා නොමැති අපි දාලා අම්මා සුර ලොකෙට ගියා නංගියේ
නාඩා ඉදින් මටත් ඔය දුක් ගිනි දැනෙයි නංගියේ

උදේ ඉදන් රැ වෙනකම් බස් නැවතුමෙ ඉදලා
බසයෙන් බසයට නැගලා විරිදුත් කියලා
සතෙන් සතෙ එකතු කරලා සිගමන් යැදලා
ඔබව බලා ගන්නම් නංගියේ කදුලැලි පිසලා

මහ පරේ යන විට නංගියේ අප දෙදෙනා
අස් නටවන බොනික්කන් අත වනනවා දැකලා
එපා හඩන්නට නංගියේ එය ඉල්ලා
අපිට උරුම නැ පැංචියේ විසිතුරු ලොව කිසිදා

සමීර සදරුවන් බණ්ඩාර

No comments:

Post a Comment

 

Sample text

Sample Text