Pages

Sunday, April 1, 2012

අදිසිය

පාවෙලා ඇවිත් මහ රෑක පේන්නෙම නැතිවෙන්න සැඟවිලා ෴අදිසිය෴ ලෙසින් නුඹේ යහන අද්දරින් බලාගෙන ඉන්නවා හිතේ කිසි කැතක් නැතිවම....
වෙහෙසිලා මුලු දහවලම විඩාවෙන් හෙම්බත් වෙලා ආත්මය ඔත්පොල වෙලා සොයන්නට සැනසීම සැතපෙනා නුඹේ යහන ඉහ ඉද්දරින් අදත් මම ඉන්නවා නොපෙනි නුඹේ වත - මත නොගෑවී....... සියුම් වි ගැඹුරින් සුසුම් ලන නුබේ, නිදිබර නෙත් දෙකින් සොයන්නෙමි *මා* කොහි සිටිදැයි පිටත නෙපෙනෙ නුඹේ සිතේ...... ලිහිල් වී ගිය කියුඹු රැල් සිලි සිලිය දුන්නත් හෙමි හෙමින් ලං නොවෙමි මම නුඹේ උවනත සිප ගනිමි එය හදවතින්....... වාන් දමමින් හැඟුම් ගජසෙන් මුලා කෙරැවත් මා නිතින් වාල් නොමවෙමි මගේ සිතිවිලි දැහැන් ගතකරලමි ඉතින්........... මදක් විමසිලි වි බලන්නෙමි නුඹේ ගත පිලි සරසමින් පිටව එන්නෙමි භාවනාවක උතුම් අවසන දුටු ලෙසින්


No comments:

Post a Comment

 

Sample text

Sample Text