Pages

Thursday, March 29, 2012

තනිකඩ නිවහනට මනාලියක්


බාගෙට ලියු කවි කොල - පත්තර කැබලි
දුහුවිලි රටා ඇඳි බිම මත ඇත සැතපී
යට ලී හාදකම් පෑ - මකුලු දැල් කැබලි
නුඹ දෙස බලා උන්නා නිස්පැය නොසැලී.......


භුමිතෙල් ලිපේ රොස් වන අඩුක්කුව
පදම නොදත් ලුනු මිරිසක පරක්කුව
කෑමෙන් නොකෑමෙන් ගුලිවන අසක්කුව
දුරැතු හීතලට නැතිවද බියක් තව..............

හීන් මල් වැටුනු ගවුමකි ඇඳ සිටියේ
චාන් සිනාවක් නෙත් විල පතුලෙ තියේ...
කෝච්චියට බය නැති ලෙස ගමන් ගියේ
පුදුමෙකි දඟකාර රැවුලත් කැපි ගියේ...............
.
අතීතයක දුක් සැඟවුනු දෑස් යට
පොපියන හිනාවක විලිබර ලකුනු විය
තනිකඩ නිහනක තනිකම නිමාකර
අලුත් කොට්ට උරයක් ගෙන ගියා ඔබ............

No comments:

Post a Comment

 

Sample text

Sample Text