Pages

Tuesday, March 13, 2012

මිතු දමින් ඇරඹි ලෙන්ගතුකම



ජීවිතය මත ගොඩනැගු සිහින ‍
නොකියාම බොදව ගිය දාට
තනිවේවි කිරිල්ලියේ නුඔ
කදුළු දුක් සිත් තැවුල් මැද

රත් පැහැති කොපුල් මත
රැලි නගන කදුළු වැල්
පිහදන්න නැති වේවි කවුරුවත්
අද ඉන්න නුඔ ළගින්..

අනියත වූ ජිවිතයේ
නියත වූ ප්‍රේමයක්
සොයා ගොස් මං මුලා වු අපි
ඉතින් හිටියා ඇති
විරසකව දිව ගොළු කරන්..

මිතු දමින් ඇරඹි ලෙන්ගතුකම්
ප්‍රේමයෙන් අවසන්ව ගිය මුත්
ප්‍රේමයෙන් ඇරඹි දුරස් බව
මකා දුරලා දමනු වස්
යලි බැදෙමු මිතු දමින්
කල් සියක් කල් සසර සරනා තුරුම...



Tiron Sandakelum

No comments:

Post a Comment

 

Sample text

Sample Text