බට පතුරු විසි හතරක්
හති දමාගෙන කපලා,,,,
ටිකක් ඇද උනත් පුළුවන් විදියට
කොටු හයක් බැඳලා,,,,,
කූඩුවේ විතරක්ද අතේ මූනේ
ඇදුමේ හැම තැනම පාප්ප නාලා,,,,,
හිතේ හැටියට පාට පාට
කොළ රැලි අලවලා,,,,,
පුටුවක් උඩ නැගගෙන මලක්
වගේ පරිස්සමට එල්ලපු වෙසක් කූඩුව
පත්තු කලාම,,,,,
මට දැනෙන සතුට,,,,,,,,
රුපියල් දෙසිය පනහට කඩෙන් ගන්න පුළුවන්
ගානට මිම්මට නූලට හදපු ලස්සනම ලස්සන
වෙසක් කූඩු දාහකටවත් මට ගෙනත් දෙන්න බැරි හැටි,,,,,,,
Sudanthi Anuruddhika
Monday, May 7, 2012
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment