පැහැදිලි නැති තරම්
දරාගන්න බැරි තරම්
හිතන්නවත් බැරි තරම්
පුදුමාකාර වූ
කෙදිනකවත් අත් නොදුටු තරම්
පාළුවක් ...
මහා තනිකමක් ..
හදවත් පාරගෙන
නහර වලට දැනෙන තරම්
දරුණුවට දැනේ මට
පාළුවක් ...
මහා තනිකමක් ..
කියන්නට කෙනෙක් නැති
අසන්නට කෙනෙක් නැති
තේරුම් ගන්න කෙනෙක් නැති
මහා රුදුරු ලෝකෙක
තනිවෙලා වගේ දැනෙනවා ..
හිත දුර නොයා දැන්
එක තැනක නැවතිලා
සිතිවිලි නැති වී
හිත මගේ තනිවෙලා ...
අඩන්නට කදුළු නැති
කියන්නට වචන නැති
මහා දරුණු තනිකමක්
මගේ මුළු හදවතම
මේ මුළු වටපිටාවම පැතිරිලා ..
දරාගන්න බැරි තරම්
පාළුවක් ...
මහා තනිකමක් ...
Thath Sarani
Tuesday, May 8, 2012
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment