Pages

Thursday, May 17, 2012

සුමනාවතී


සුමනාවතී....
කෝ ඉක්මනට
සුමනාවතී
මේකට
ටිකක් දීපන්.....

සුමනවතී
සුමනාවතී
මටත් දාපන්
අද ගන්න ඕනි
ටිකක් වැඩියෙන්....

සුමනාවතී
සුමනාවතී
දුවපන් ඉක්මනට
ආන් හන්දියෙන්
හැරෙවුවා
දැම්ම දුවපන්......

සුමනාවතී
යකෝ ගෑණියෙ
මේවා
කන්න පුලුවන්ද
ඒක කියපන්....

සුමනාවතී
උඹේ ලොකු කෙලී
හෙට අනිද්දට
ලමිස්සියෙක් නේද......

සුමනාවතී
තමුන්ට නිදහසට
හේතු තියෙනවද?

වැට අයිනෙ
ගණු දෙණු කලේ
මගෙ දරුවො
කාලකන්නි කරන්න
බැරි නිසයි සර්.

දිනිති දීපිකා

No comments:

Post a Comment

 

Sample text

Sample Text