ලෝකය තනා දෙන්නට ගිණි වැලදිල්ල
වලං පල්ලේ නිතරම දැලි තැවරිල්ල
කරුමය හේතුවෙන් එම දුක ඉවසිල්ල
අද මම බිඳුන බදුනකි නැති සැනසිල්ල
බිඟු හට ඇහැකි නම් එහේ මෙහෙ ඉගිලෙන්ට
බිම්මල්වලත් ගොඩි තොර නැත පල ගන්ට
කිරි කැටි මුවින් යලි එම තතු නො අසන්න
මේ නිබ්බුත අසා පුතුනේ බුදු වන්ට
අසරණයන්ගේ කඳුලින් කලතා දෙගොඩ
නේරංජනාවෙන් බැස යනු මැන එගොඩ
මොක් මග පසක් කොට යාකල දින දෙගොඩ
නුඹේ පා සිඹින්නට අවසර අම්මාට
උමන්දා ජයෝබන්ඩාර
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment