Pages

Thursday, May 17, 2012

නෙලාගන්න මතු සසරේ


පුං සද පැයුවත් අහසේ සැමදාම
සදට පොළව දුරමයි ලං නොවන ලෙස
උදේ හවා මුන ගැසුනත් මට ඔබව
ඔබෙ සෙනහස උරුම නැහැ මට කිසිදාක

වැටෙන් එහා පිපිනත් මල් සුවද දෙන
නෙලාගන්න වරම් නැහැනේ මට කිසිදාක
හසරැල් නගා සිටියත් ඔබ නෙතු ලගම
දුකක් දැනේ නොලැබෙන නිසා මට ඔබව

පිපුන නිසා වෙන උයනක සුවද දිදි
නෙලාගන්න වරම් නෙවෙ මල් කැකුළි
දුකක් උනත් සිත හාදාගන්නම් මේ බවයේ
පැතුමන් පතා ලබා ගන්න උපදින මතු සසරේ


සමීර සදරුවන් බණ්ඩාර

No comments:

Post a Comment

 

Sample text

Sample Text