Pages

Monday, April 23, 2012

කෙන්දරේ


සිකුරා හතේ රජ වෙලාලු
පුරුවෙ පින පැදිලාලු
මගුල් තුලා හරියනවලු
මට මෙ කිසි දෙයක් තෙරෙන්නේ නෑ

උපාදි හත අටක් අරන්
සල්ලි බාගේ අත ගැවසෙන
හොද තැනකින් දිග ගත්ත
හතර කෙන්දරේම පාලු අයත් ඉන්නවාලු
මට මෙ කිසි දෙයක් තෙරෙන්නේ නෑ

ධන යොගත් එමට තිබෙන
රාජ යොග පිහිටා ඇති
කෙන්දරේ ඇති උදවිය
මහ පාරේ හිගමනෙලු
මට මෙ කිසි දෙයක්ම තෙරෙන්නේ නෑ

සමීර සදරුවන් බණ්ඩාර

No comments:

Post a Comment

 

Sample text

Sample Text