පන්හිඳක සටහන්ය
ඒ කවිය කිම රසය
කියනු බෑ කිවිදුන්ට
විල පිපුණු පියුමක්‌ය - සුවඳ දුන්නේ නමුදු
පතුල රළු මඩ සිඹින නටුවෙහිම වෙයි දුගඳ
මිහිරි මැයි සිත දකින සොදුරු සඳ නිබඳවම
ගත දවන හිම සිසිල මියුරු වෙද නිරතුරුව
විදිනු මිස සියොලඟම - සුළඟ රුදුනේ කොතැන
අහස හිස් වී නමුදු දකින රුව නිල නොවෙද
අරුත් හිමි නොහිමි රසයෙන් මිනුම් නැති ජීවිතය
දුක හිතෙන කරුණක්‌ය සැපද දුක ලුහුබදින
No comments:
Post a Comment